මෙම විද්‍යාලය 1973.05.15 දින හ/බිංකම මහා විද්‍යාලය නමින් උත්සවශ්‍රීයෙන් ආරම්භ කරන ලදී. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය මගින් ගොඩ නගන ලද මෙම විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල සහ ගුරු නිවාසය අංක B/F02/EST/5 හා B/F01/HON/10 1973 මැයි 14 දරණ ලිපිවලින් පවරා දෙන ලදී.පාසල ආරම්භ කිරීමේ උත්සවයේ මූලාසනය ජාතික රාජ්‍ය සභාවේ තිස්සමහාරම ගුරු නියෝජිත ටෙනිසන් එදිරිසූරිය මැතිතුමා හොබවන ලදී.
විදුහල්පති ලෙස පී.ජයසූරිය මහතා පත්කළ අතර එන්.එච්. සෝමවන්ත මහතා සහ ජී.එම්.ඩබ්. ඇසිලින් නෝනා මහත්මිය යන අය උපගුරුවරුන් ලෙස පත්කර අත. මෙදින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහ දෙනෙක් ප්‍රථමයෙන් විදුහලට ඇතුළත් කර ගන්නා ලදී.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 29ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 4කින් සමන්විතය. තුන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු. විෂය සමගාමි සහ විෂය බාහිර කටයුතු සෑම අතින්ම සම්පූර්ණ කර ගනිමින් ජයග්‍රහණ කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ඉහළ ස්ථානයකට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
වර්තමානයේ 9-11 විද්‍යාගරයකින්, ගෘහ විද්‍යාගාරයකින්, පරිගණක විද්‍යාගාරයකින්, ක්‍රීඩා ඒකකයකින්, බහුමාධ්‍ය ඒකකයකින් සහ පුස්තකාලයකින් සමන්විත අප පාසල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙමින් දරුවන් පෝෂණය කරන විදු මාතාවකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, , විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
|
ආරම්භ කළ වර්ෂය |
1973 මැයි 14 |
||||
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
||||
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
||||
|
මුල් විදුහල්පති |
පී.ජයසූරිය මහතා |
||||
|
මුල් ගුරුභවතුන් |
එන්.එච්. සෝමවන්ත මහතා, ජී.එම්.ඩබ්. ඇසිලින් නෝනා මහත්මිය |
||||
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
||||
|
පාසලේ නම |
බිංකම මහා විද්‍යාලය |
||||
|
පාසල රජයට පවරාගත් දිනය |
1973 මැයි 14 |
||||
|
පාසල පැවැත්වූ ස්ථානය |
බිංකම, අඟුණුකොළපැලැස්ස |