• (+94) 47 222 81 16
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Binkama M.V.

හ/බිංකම මහා විද්‍යාලය

Tangalle Zone

  • Register
  • Login
Binkama M.V.

හ/බිංකම මහා විද්‍යාලය

Tangalle Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • SDA
  • OSA
  • බිත්ති පුවත්පත
  • Download

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

 

  • උදෑසන 20ට පෙර පාසලට පැමිණිය යුතුයි.
  • උදෑසන ආගමික වතාවත්වලට අනිවාර්යෙන් සහභාගීවිය යුතුය.
  • විශේෂ අවශ්‍යතාවයකට පන්තියෙන් බැහැර වන්නේ නම් තනිව ගමන් කළ යුතුය.
  • පාසලේ විනය නීති ගෞරවයෙන් පිලිගත යුතුය.
  • පාසලට ඇතුල්වීමේදී සියළුදෙනා ඉදිරියේ ඇති බුදුමැඳුරට නමස්කාර කර ඇතුල් වන්න.
  • උදෑසන 7.30ට පෙර පන්ති කාමර, පන්ති කාමර අවට කාණු හා මිදුල් පිරිසිදු කළ යුතුය.
  • පාසලේ භෞතික සම්පත් නිසි පරිදි ආරක්ෂා කළ යුතුය.
  • පාසල් සිසුන්ට ගැලපෙන ශිෂ්ට සම්පන්න වචන භාවිතා කළ යුතුය‍.
  • කාලච්ඡේද අතරතුර විෂය මාරු වීම සඳහා ගමන් කිරීමේ දී පේළිවලට ගමන් කළ යුතුය.
  • පාසල හැර ගෙදර යාමට පෙර පන්ති කාමරය තුළ සිට ආගමික වතාවත් සිදුකර බැහැර විය යුතුය.
  • පාසල හැර ගෙදර යාමේ දී එක පෙළට ගමන් කළ යුතුය.
  • පාසලට එක ළඟ දින දෙකක් නොපැමිණියේ නම් දෙමාපියන්ගෙන් ඒ පිළිබඳව ලිපියක් රැගෙන පැමිණිය යුතුය. දින දෙකකට වඩා නොපැමිණියේ නම් දෙමාපියන් සමඟ පැමිණ විදුහල්පතිතුමා හමු විය යුතුය.
  • විද්‍යාගාර භාවිතයේ දී එම විද්‍යාගාරවලට අදාළව විනය නීති ආරක්ෂා කළ යුතුය.
  • ජාතික ගීය / පාසල් ගීය ගායනයේ ද සිරුවෙන් සිටම අනිවාර්ය වේ.
  • පාසලේ වන්දනාමාන කරන ඕනෑම අවස්ථාවක දී කිසිඳු ශිෂ්‍යයෙකු ගමන් කිරිමෙන් වැලකී අදාළ ස්ථානයේ නැවතී ආගම සිහිකළ යුතුය.
  • යම් කාලච්ඡේදයක් තුළ ඔබ පන්ති කාමරයෙන් බැහැරව සිටින්නේ නම් ඒ බව කාලච්ඡේදය භාර ගුරුවරයාට දැනුම් දිය යුතුය.
  • ලන්ච් ෂිට් තුළ කෑම රැගෙන ඒම හෝ පාසලට පොලිතීන් රැගෙන ඒම සපුරා තහනම් ය.
  • ජංගම දුරකථන, Chip, pen drive, DVD වැනි දෑ පාසලට රැගෙන ඒම සපුරා තහනම් වන අතර එවැනි උපකරණ හෝ උපාංග තිබී අසුවුවහොත් එය පාසල භාරයට ගන්නා අතර කිසිඳු හේතුවක් නිසා නැවත ලබා දෙනු නොලැබේ.
  • මත්ද්‍රව්‍ය හො දුම්වැටි භාවිතා නොකළ යුතු අතර ඒවා භාවිතා කරන්නන් සිටින ස්ථානවල සිටිම හෝ අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදකි.
  • පුස්තකාලය සතු පොත්වල ඡායාරූප කැපීම හෝ පිටු ඉරීම හෝ පිටු කැඩීම, පොත් සොරා ගැනීම වැනි වැරදි සඳහා එම පොතේ වටිනාකම මෙන් දෙගුණයක් හා අමතර රු 1000.00 ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.
  • විද්‍යාගාර උපකරණ හෝ වෙනත් අංශයක භාණ්ඩ සොරාගැනීමක් හෝ විනාශ කිරීමක් සිදුවුවහොත් අදාළ භාණඩයේ මුදල මෙන් දෙගුණයක් හා අමතර රු 1000.00 ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.
  • පාසල් බිත්ති මත පා සටහන් තැබීම හෝ කුරුටු ගෑම, වර්ණවලින් ආවරණය කිරීම ආදිය නොකළ යුතුය.
  • කාර්යාලය හෝ පන්ති කාමර අසලින් ගමන් කිරීමේදි නිහඬතාවය රැකගෙන ගමන් කළ යුතුය.
  • මව/පියා/භාරකරු පාසලට පැමිණීමේදී සුදු පැහැති විධිමත් විනීත ඇඳුමකින් පාසලට පැමිණිය යුතුය.
  • විදුහල්පතිතුමා/ ගුරුවරයෙකු දුටු විට හුනස්නෙන් නැගිට ආචාර කළ යුතුය.
  • ගුරුවරයා පන්තියට පැමිණිවිට හා පන්තියෙන් ඉවත්ව යාමේ දී ආයුබෝවන් කියා ආචාර කර පසඟ පිහිටුවා වැදීම කළ යුතුය.
  • පාසලෙන් බැහැරව ගිය සෑම අවස්ථාවකදීම පාසලේ ගෞරවය ආරක්ෂා කළ යුතු අතර පාසල තුළ ක්‍රියාත්මක වන නීති රීති ද ඊට අදාළ වේ.
  • පාසල තුළ පාසලට සුදුසු ඔරලෝසුවක් පැළදීමට අවසර ඇත්තේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා/ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව / උප ශිෂ්‍ය නායකයා/ උප ශිෂ්‍ය නායිකාව සඳහා පමණි.
  • පෙ.ව. 7.20ට පෙර, පෙ.ව. 10.35- 10.55 අතර හා ප.ව. 1.30න් පසුව කාලයන් තුළ පමණක් ආපනශාලාව භාවිතා කරන්න.
  • ඩෙස්පුටු උඩ නැගීම, කඩා බිඳ දැමීම සපුරා තහනම් වේ.
  • 30- 1.30 අතර කාලය තුළ දෙමාපියන්ට ගුරුවරයෙකුගේ අවසරයකින් තොරව පාසල තළ රැදි සිටීම තහනම් ය.
  • පාසලේ උපකරණ භාවිතා කිරීමේදී අදාළ ගුරුභවතාගේ අවසරය ඇතිව පරිහරණය කළ යුතුය.
  • කුණු බැහැර කිරිමේදී නියමිත ස්ථානවලට හෝ කුණු බඳුන් තුළට නිසිලෙස බැහැර කළ යුතුය.
  • පාසල් නිලඇඳුම නියමිත පරිදි පැළඳ සිටිය යුතුය.
  • වැඩිහිටි පිරිමි ළමුන් රැවුළ නිසිලෙස කපාගෙන පැමිණිය යුතුය.
  • පිරිමි ළමුන් කොණ්ඩය  නිසිලෙස කපා පොල්තෙල් ගා හොදින් පීරා පැමිණිය යුතුය.
Binkama M.V.

හ/බිංකම මහා විද්‍යාලය

Tangalle Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය - බිංකම, අඟුණුකොළපැලැස්ස
  • දුරකථන(+94) 47 222 81 16
  • ජංගම (+94) 71 322 16 60 (විදුහල්පති)

Supported By

© 2026 Binkama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk