නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බිංකම මහා විද්‍යාලය

1973 වර්ෂයේ ආරම්භව අඩසියවසකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන පින්කම මහා විද්‍යාලය මෙම ප්‍රදේශයට මහත් ආලෝකයකි ගැමි පරිසරය තුළ මුල් විහිදුණු නායකත්වයට අත පොවන දුරින් පිහිටිඅප විද්‍යාලය දූ දරුවන්ගේ අධ්‍යාපනයට ඉතා සරිලන වටපිටාවක පිහිටා ඇත 2016 වර්ෂයේ සිට මහා විද්‍යාලයක් බවට පත් වූ අතර ප්‍රදේශයේ දරුවන්ට පමණක් නොව අනෙකුත් ප්‍රජාවට ද අදාළ මඟ පෙන්වීම් සිදු කරමින් මහඟු කාර්යභාරයක් ඉටු කරයි විදුහල දිනෙන් දින දියුණුවට ගෙන යාමට නිරන්තරව ඇප කැප වී සිටින වර්තමාන විදුහල්පති එල් ඒ ගාමිණී සේනාරත්න මහතා වෙත විශාල සහයෝගයක් ලබා දෙන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසල සතු වටිනා වත්කමකි එපමණක් නොව විදුහලට නිරන්තරයෙන්ම හා ශක්තියක් වන දෙමාපියන් හා ආදි ශිෂ්‍යයන් පාසලට මහඟු සම්පතකි ඒ සියලු දෙනාට අමතරව මේ සියලූ අංශ වලින් පෝෂණය ලබමින් හැදී වැඩෙන ආදරණීය දරුවන් අපගේ මහඟු වත්කමයි නැවුම් බලාපොරොත්තු නැවුම් ලොවක් වෙත දිරියෙන් පිය නගන ඔබ සැමට මාගේ හද පිරි සුභාශිංසන..!
නියෝජ්‍ය විදුහල්පති,
බිංකම මහා විද්‍යාලය